Font size:
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින් සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං ඔබ ළඟ ඉන්නට - ඔබ ලැබ ගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට - නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම් සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං සිත සිත ඔබ ගැන - දින දින ළතවෙමි වෙන මා කරමි කුමක් හමුවුණෙ ඇයි අපි - ඇසුරු කරන්නට එය මා සිතට දුකක් සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං සිතු පැතු සැම දේ - නැහැ ඉටුවෙන්නේ ලොව අපි පතන ලෙසින් මතු එක්වෙන තුරු - යළි වෙන්වෙමු අපි ඔබ හට ආයුබොවන් සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං