Font size:
දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළු ගෝසුවනේ එල්ලාපං අළු ගෝසුවනේ එල්ලාපං කටු ඉඹුලේ අප එල්ලාපං... යුක්තිය උදෙසා කෑමොර දීමයි ...// දඟ ගෙයි ලෑමට අප සැම කල පව මුකවාඩම් බැඳ එකකු නසන කළ දනිමු සුවහසක් තව උපදින බව වරදට එරෙහිව අවි ඔසවන්නේ ...// රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදීව තපස් රකින්නේ පිට කොඳු බිඳ ගත් ඔල මොළ නිවටුන් දඟ ගෙයි දඩුවම් .../