Home/Songs/නෙතු කඩා හැලෙන

නෙතු කඩා හැලෙන

Nethu Kada Halena

Font size:
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ 
අද මා අසලින් ඉන්නේ

මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ 
අද මා අසලින් ඉන්නේ

නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.