Font size:
පෙම් බැන්ද ඒ සිත හඬවා රිදවා ඔබ ඇයි මා වෙත පියමැන්නේ මාවෙත බැඳි ඔබෙ ආදර සෙනෙහස කෙලෙසකදෝ අද මිලින උනේ ඔබේ ආදරේ මට වේදනා ගෙන එන්නදෝ හමුවුනේ මහමෙරක් සේ සිතේ දුක මා විඳ දරන් සිටියා සුසුම් දෑසේ කඳුළු බිඳු වී ගංගාවක් සෑදුනා ඔබ වෙන්වන දා මා සිත සසලයි සිනා මුවේ නැතුවා සසර දනව්වේ සිතින් සසලවී තනිවම ඉතිබින්දා සයුර කලම්බන රැලි වාගේ සිත මියැදී උපදිනවා ඔබ මා තුරුලේ දෙඩු කථාවන් සවනේ රැවුදෙනවා ඔබ වෙන්වුවද මා සිත ඔබ ගැන නිරතුරු විමසනවා යලිදු හෙටක් නැත අප හමුවන්නට හිරුත් සිනාසෙනවා ලොවම සිනාසෙනවා
Singers
Data
Last updated May 2026