සුපෙම් වී සිතිනා
Supem Wee Sithina
Music: නිමේෂ් කුලසිංහ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා.....//) සිතේ රහසින් ලංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත් වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා.....//) මාගේ සිහිනේ ඉටුවීලා ගේනා හැඟුමන් උතුරාලා පාවී ඇවිදින් සිත දීලා මාගේ පැතුමන් සරසාලා සීමා මායිම් නෑ කීවා මා හා ලං වී ඔබ ආවා (පෙම වෑහිලා නැහැවිලා සිත මාගේ සුව විඳිනා....//) සුපෙම් වී සිතිනා.......