Home/Songs/හන්තානේ කඳු

හන්තානේ කඳු

Hantane Kandu

Font size:
හන්තානේ කඳු දන ඇන නමදින 
සිරි දළදා හාමුදුරුවනේ 
ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ 
පිරුවත අන්දා ඇස් දෙක පියවා 
ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද 
(මතු බුදු වෙන හාමුදුරුවනේ...//)    
    
ඇතුරිඳුනේ මේ සැතපෙන දරුවා 
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන් දෝ 
වනන්තරේ වැඩි සෙනගට අහු වුන 
මාරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද 
ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දාදිය විකුණන හොර මැර නැති අප 
(අකල් මරණ ගැන නැත දන්නේ...//)

කාලය දීපය දේශය දන්නා 
මතු බුදු වෙන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු 
හමුවුන නැති වග නැත දන්නේ 
තුවාල සුදු රෙදි පටින් වසාගෙන 
උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද 
(කියන්න දැන් වත් ඇදුරිඳුනේ...//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.