Home/Songs/ආයෙත් වරක් (තිබුනානම් හුඟක්)

ආයෙත් වරක් (තිබුනානම් හුඟක්)

Ayeth Warak (Thibunanam Hugak)

Music: චන්දන වල්පොල Lyrics: සජිත් චතුරංග
Font size:
තිබුනානම් හුඟක් 
ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
'ආයෙත් වරක්
මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා ඔබට මා පතනවා'.../

ජීවිතේ පරදුවට මා තියා
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගතවෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක්.../

මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුලි කඩා දමා
ආයෙමත් එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...

තිබුනානම් හුඟක්.../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.