Home/Songs/ඉගිලෙන්න තහනම් නම් දුරක්

ඉගිලෙන්න තහනම් නම් දුරක්

Igilenna Thahanam Nam

Font size:
ඉගිලෙන්න තහනම් නම් දුරක්..
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්..
අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්..
මගේ වෙන්නෙ ඇයි එක කවි පෙලක්..

පෙම්වන්ත හිතටත් යට ඉදන්..
පෙන්වන්න අවියක් ඔබ අරන්..
මට ගන්න හැකි ඉර හඳ උනත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..
ඔබ දන්නෙ නෑ ඒ බව තවත්..

ඉගිලෙන්න තහනම් නම්..

හැමදාම මල් පෙත් ලං කලත්..
දැනුනේම නෑ සුවදැති බවක්..
නැත මා ඔබෙන් ලද අත් වැලක්..
සාධාරණයි අපි වෙන් කලත්..
සාධාරණයි අපි වෙන් කලත්..

ඉගිලෙන්න තහනම් නම්..

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.