Home/Songs/තනිකම හුරු දෙනෙත පුරා

තනිකම හුරු දෙනෙත පුරා

Thanikama Huru Denetha Pura

Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ//

සිතු පැතුමක කදුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනළියක් තුරුළු වුනා
ම‍හදේ ගලනා
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ//

තනිකම හුරු....

තනි වුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
ම‍හදේ ගලනා
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ//

තනිකම හුරු.....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.