සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ
Sulange Pawi Awa Oba Ewu Ae Adare
Music: චමින්ද සමරනායක Lyrics: චමින්ද සමරනායක
Font size:
සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ දේදුනු පැහැ රන්සළු ගෙන එන්නම් ඔබ එන මඟ නෙත් දල්වා ඉන්නම් මේ දිවියේ ඔබ හැර මා නෑ පැතුවේ වෙන කිසිවක් සංසාරේ දිගු ගමනේ ඔබ වෙනුවෙන් මා ඉන්නම් හැමදා දුර ඈත කදුයායේ එන සීත මද සුළගේ ඔබේ සුවද දැවටී තියේ හිරිපොද හැඩ වර්ෂාවේ වැහි බිඳු වැටෙනා තාලේ අප හමුවූ මතකය මැවේ ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා මේ සීතල ගං වතුරේ දේදුනු නිවෙනා යාමේ සහසක් වූ පැතුමන් මැවේ අඩ අදුරේ විකසිතවී පෙම් හැගුමන් පිදි ඒ මේ සොදුරු සන්දයා යාමේ ආශාවේ පෙම් රැහැනින් අපි වෙලීලා ආදරේ උණුහුම් වේ තොල්පෙති මේ හැගුම් වලින් පිරිලා සැමදා සුළගේ පාවී ආවා ඔබ එවූ ඒ ආදරේ රහසින් සඟවා සුරකින්න මා එවූ ඒ ආදරේ
Singers
Data
Last updated May 2026