Home/Songs/අසා ඉමු අපි සුමුදු වැල්ලට

අසා ඉමු අපි සුමුදු වැල්ලට

Asa Imu Api Sumudu Wallata

Font size:
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ 
මැවෙන සෙවනැලි පෙම් රටා //

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා //
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා //

අසා ඉමු අපි ....

පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා //
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා //

අසා ඉමු අපි //
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.