ලෙන්ගතුයි
Lengathui
Music: හිරාන් එදිරිසිංහ Lyrics: තරංගි එදිරිසිංහ
Font size:
ලෙන්ගතුයි කියලා මටත් සැක බෝම හිත් පෑරෙයි ළඳේ නුඹේ නෝක්කාඩු බැල්මක් හෙලනවිට ඔය මුව තව එළියයි..... ගෝමර බඳ වට කරන සේල පට ලැසි ගමනට බාධයි බැද්දේ පිපුණු තනි පින්න මලට විස බමර බැල්ම නාකයි සුකුමාල පා පොඩිත්තට නොයන්න බැරි දුර යන්න හිතුණු සේමයි අපට කොයිබවෙද යන්නය තිරික්කල යන්නය දුර බෝමයි.... නෙතු හී සරය හිත පත්ලටම වැද හිත පෙලන සේමයි අනේ එක පින්බරව බැල්මක් හෙලන් ලද හිත් මලක් පීදෙයි සිතුවක් කලද හද මන්දිරය අද නෙක් සුසුම් බෝමයි ඉදින් ඔය නෙත් දිහා නොබලා ඉඳින්නම් හිත් වෙනස්වේ මැයි.... ලෙන්ගතුයි කියලා මටත් සැක බෝම හිත් පෑරෙයි ළඳේ නුඹේ නෝක්කාඩු බැල්මක් හෙලනවිට ඔය මුව තව එළියයි.....