Home/Songs/ආදරේ සිත සනසන

ආදරේ සිත සනසන

Adare Sitha Sanasana

Font size:
ආදරේ සිත සනසන ආදරේ
ආදරේ සිත නළවන ආදරේ
සඳ සිසිලේ - තරු එළියේ - මඳ පවනේ
හමු වෙනවද ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ

(ආදරේ රස වෑහෙනා - ජීවිතේ සනසා
නිරන්තරේ - යොවුන් හදේ - හැඟුමන් පුබුදාලා...//)
වසන්තයේ - කුසුම් විලේ - බිඟුන් මුවේ
මධු බිඳුවකි ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ

(ආදරේ සිත යාවෙලා - වේදනා මවනා
තෙමා නුවන් - මවා සුසුම් - කඳුළක සැඟවෙනවා...//)
කඳු මුදුනේ - මීදුම සේ - බොඳ වන්නේ
නෙතු රවටන ආදරේ - ලොව හඬවන ආදරේ

ආදරේ සිත සනසන ආදරේ
සඳ සිසිලේ - තරු එළියේ - මඳ පවනේ
හමු වෙනවද ආදරේ - ලොව නළවන ආදරේ
ආදරේ සිත සනසන ආදරේ
ආදරේ සිත හඬවන ආදරේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.