ඉරබටු තරුව
Ira Batu Tharuwa
Music: එච්. එම්. ජයරත්න Lyrics: වසන්ත වීරකෝන්
Font size:
ඉරබටු තරුව වෙන්න හැකිනම් මට ඉරගල වැටෙ වේලාවේ පුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟ තරු මල් පිපෙන ඉසව්වේ // නුඹ මහ වැවක් වෙන්න වැහි දිය බිඳක් විලස මම ඉන්නම් මියෙන තුරුම නුඹගෙ තුරුල්ලේ වැහි බිඳු දහක් අතර සොයනා නුඹේ සුවඳ රැක ගන්නම් යන්න නොදී නුඹට නිදැල්ලේ ඉරබටු තරුව වෙන්න .... නුඹ මහ ගසක් වෙන්න ලෝකෙට සෙවණ සදන මම ඉන්නම් විඩා නිවන් නුඹගෙ තොටිල්ලේ අතු පත් සලා නිබඳ වැටෙනා නුඹ දාහය පිසලන්නම් නෙතු පියාන ඉන්න සඳැල්ලේ ඉරබටු තරුව වෙන්න .....
Singers
Data
Last updated May 2026