Font size:
ඉරිදා රැයේ නෙතු යාවුනා තරු මල් පිපේ රෑ පුරා මගෙ නෙත් අගින් ඉඟියක් කළා නොකියූ හැඟුම් තේරුනා ලැම සැලුනේ මේ රෑ පුරා රතු දෙතොලේ ආශා මවා හිම සිසිලේ සීතේ නිවා උණුහුම් වෙලා හිත බැඳුනේ හීලෑ වෙලා පපු තුරුලේ කාලේ ගෙවා පිනි තුහිනේ පාවී ගියා කෙහෙරැල් සලා සුවා ලයේ හැඟුමන් රටා හිරිමල් හිතේ ගෑවිලා සැලු නෙත් සරින් ගිනියම් වෙලා ගිලිහී සුසුම් වෑහුනා ලැම සැලුනේ...... (කිමිදී සිතෙහී සරලා හදවත ගැඹුරට දැනිලා සිතු සේ මා සනසා මාගේ වෙලා සිත පුරා...//) ලැම සැලුනේ......
Singers
Data
Last updated May 2026