ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
Gassena Paddena Lassana Loke
Font size:
ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ යෞවනයයි අපෙ සුන්දර කාලේ අපි රජ වෙනවා අපි රජ වෙනවා ඔය මොක මොක කීවත් එක එක තාලේ මේකයි පිස්සුම පිස්සුම කාලේ අපි හිනැහෙනවා අපි හිනැහෙනවා අව්වට වැස්සට තෙමි තෙමි වේලී අපි කල දේවල් හරිම ජොලී වයසට ගියාම මොනවා කරන්නද කරන්න දේවල් මුකුත් නැතී ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ.../ ආදරේ කරන්න ආදරේ ලබන්න මේ වයසට කවුරුත් ආසයි අපෙ වැඩිහිටියන් බර බරේ දමයි ගනං ගන්නෙපා ඔහොම තමයි ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ.../ ඔය එක එක දේවල් ඔලුවට එන එක එහෙම තමයි මේ කාලෙ හැටී මොන මොන දේවල් ඔලුවට ආවත් කරනා දේ අපි හොඳට දනී ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ...///