හදවත ගැඹුරේ (සකූගේ කතාව)
Hadawatha Gambure (Sakuge Kathawa)
Font size:
හදවත ගැඹුරේ කිමිදිලා කළ කී හැමදේ සිහිපත් කලා මුවගේ සිනහා බොඳවී ගියා හදවත පතුලේ ගිනි ඇවිලිලා නෙතු මානේ පෙනෙනාදේ සිත සැනසුම් සුව ගෙනේ සිත් සන්තානේ සැඟවූදේ හද කම්පාවන් ගෙනේ හදගැබ පතුලේ සිතුවම් වටා ගිනි දැවෙනවා ගිනිසිළු අතරේ ඉකිබිදිනවා හර්දසාක්ෂියට පිටුපානු බෑ සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ.. සැඟවෙන්න බෑ හදවත ගැඹුරේ කිමිදිලා.... හර්දසාක්ෂියට පිටුපානු බෑ සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ.. සැඟවෙන්න බෑ
Singers
Data
Last updated May 2026