Font size:
ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සෙනෙහස ගොඩ ගලයි උනුසුමට මාව තෙමෙයි මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි ඔබ සදක් වගේ හැඩයි හෙට අමාවකද සැකයි ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගෙයි හෙට ගිමන් කලද සැකයි ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි ඔබේ සෙනෙහස ගොඩ ගලයි උනුසුමට මාව තෙමෙයි