Home/Songs/හදවත පතුලේ

හදවත පතුලේ

Hadawatha Pathule

Music: බිලී ප්‍රනාන්දු Lyrics: චන්දන කුරේ
Font size:
තරු නිවා දමා සඳ සිසිල සොයා සැනහෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත් තනි වී ඉන්නට සිතුණා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා

පංතිය පාළුයි කවුරුත් නෑ අද අඳුර වැටී හිත හඬවනවා
මැවී මැවී ඒ සොඳුරැ අතීතය සිනා හඬින් මා පුබුදනවා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා

දඟවැඩ සිහිවී කඳුළු නැගෙනවා කවුරුන්දෝ ළඟ ඉන්නේ 
දුර ඉගිලී ගිය යහළුවනේ අද කවදද අපි හමුවන්නේ
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා // 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.