Home/Songs/ගවහලේ

ගවහලේ

Gawahale

Font size:
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් 
ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම් 
මා කෙතරම් වාසනාවන්තද 
මා කෙතරම් සන්තෝසද 
අප රටේ නත්තල් දා සාමය තිබුණානම් 

වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලි 
රත්තිඤා පුපුරා රුපියල් වනසා මත වී සතුටු වෙවී 
ගිනිගෙන දැවෙනා වැලිකතරේ නත්තල නැවතීලා
තල් අතු මැදුරේ හෙණ  හඬේ නත්තල නැවතීලා 
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර

ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් 
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් 

ආසියාවේ ඉපදුණු ජේසු අපේ රටට එන්න 
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට 
කුසගිනි දැවෙන පැල්පතේ නත්තල තනිවීලා 
යුධ ගිනි නැගෙන නගරයේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම් 
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම් 
මා කෙතරම් වාසනාවන්තද/// 
මා කෙතරම් සන්තෝසද 
අපි කෙතරම් සන්තෝසද//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.