සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා
Sihinaye Pawela Awith
Font size:
සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා මා හදේ පෙම් කතා පොතේ කතාවක් ලියවුනා සීතලේ හදට ලං වෙලා රහසකුත් කොදුරලා ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා මිහිරාවියේ....සිහින කුමරි මගෙ ආදරේ ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විදලා සමනල්ලු මල් රොන් සලා පියඹලා දුර ගියා මිහිරාවියේ... සිහිනයෙන් අවදි වේ ඉතින් මා ඔබව සෙව්වා ඔබ සිටියේ නෑ මා ළඟින් ආයෙ මා තනිවෙලා සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ ආයෙමත් එන්නෙ මා සොයා සිහිනයෙන් විතරදෝ මිහිරාවියේ...//
Singers
Data
Last updated May 2026