Home/Songs/සඳුන් ගසේ සමන් වැලක්

සඳුන් ගසේ සමන් වැලක්

Sandun Gase Saman Welak

Font size:
(සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ...///)

(සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ...//)
(සැලී වෙලී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා...//)
මුහුදට යාවි ගඟ හාදු පුදාවී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

(මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ...//)
මල වට කර වන බඹරිදු බමන්නේ
මදු රස දැනිලාද මෙසේ රඟන්නේ
පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.