Home/Songs/අයි...... අයි..... යෝ

අයි...... අයි..... යෝ

Ayi Ayi Yo Mage Ammo

Font size:
දෙමව්පියන්ගේ කීම අසාලා 
තියන නිදහසත් අනෙ මම නැති කර ගත්තා 
දැන් ගෑනුන්ගේ හැටි තේරෙනවා 
හරියන්නැති කසාදයක් මං බැඳ ගත්තා 

(අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... 
මොකටද මං බැඳ ගත්තේ).....//

ඕව ටයිම් කියාලා හොර ගමන් ගිහිල්ලා 
තමුසේ හැමදාමත් පරක්කු වී ගෙදරට එනවා 
මෙහෙ වැඩ ගොඩ ගැහිලා මං කරදරේ වැටිලා 
මීට පස්සේ ලේට් වුනොත් කකුල් කඩනවා 

(අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... 
මොකටද මං බැඳ ගත්තේ).....//

අනේ පාරේ යන්න බෑ මට තමුසේ එක්කලා 
හොරෙන් හොරෙන් ගෑණු දිහා බැල්ම දානවා 
චි ලැජ්ජ හිතෙනවා මට කේන්ති යනවා 
බැඳලා උනත් මනමාලකම තාම තියෙනවා 

(අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... 
මොකටද මං බැඳ ගත්තේ).....//

ඔන්න මට තද වෙනවා අම්මප පිස්සු හැදෙනවා 
බැලුවම මම කරපු කිසිම වැරැද්දකුත් නෑ 
මං යන්නම යනවා දික් කසාද වෙනවා 
රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ 

හා ! යන්න හදනවා ...දරු දෙන්නෙක් හදලා 
අනේ මගේ කට මං තමුසෙට යන්නම දෙනවා 
මේ මේක අහනවා දැන් හිතට ගන්නවා 
බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා 

(අයි...... අයියෝ ....මගෙ අම්මෝ.... 
මොකටද මං බැඳ ගත්තේ).....///

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.