Font size:
සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්දෑ කළුවර ගලා... කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු අමා සුවය දෙන අතු පැල හෙවණේ අසරණ වූ දා මට ඔබ පමණයි මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි සැන්දෑ කළුවර ගලා... පිබිදෙන ලොව හා තරග කරන්නට හෙට අළුයම යළි පිටවිය යුතුවේ ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙම තව ළංවේ සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්දෑ කළුවර ගලා...
Singers
Data
Last updated May 2026