Home/Songs/රෑ අහසේ (සැමදා ම‍ගේමයි)

රෑ අහසේ (සැමදා ම‍ගේමයි)

Ra Ahase (samada Magemai)

Music: බිලී ප්‍රනාන්දු Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි 
ඉවත බලා....
සිහිනේ සදාකල්
සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා....

රෑ අහසේ සඳ පායන්නේ නෑ...
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙර සේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා...

(රෑ අහසේ සඳ පායන්නේ නෑ...
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ)...///
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.