Home/Songs/හීන් කලුවරේ

හීන් කලුවරේ

Heen Kaluware

Font size:
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
පෙම් දෑස දෙන පහස මා මනස රැඳි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ......

(රෑ නින්ද සේ මා නෙතු හා යාවෙලා
සිතුවිල්ල වේ සෑමදා.....//)
හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට 
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්......
හීන් කලුවරේ රඟ දී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ......

(දේවින්දියේ මා නුඹේ පෙම් සිනා 
සැනසිල්ල වේ  මට සදා....//)
හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට 
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්......

හීන් කලුවරේ.....
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.