Font size:
අඩ අඳුරේ මා දෙනෙත් කඳුළු අතරේ අලසව වැතිරී තනි යහනේ ඔබ ගැන සිතමින් බලා සිටින්නෙමි මුළු ලොව නිසලව නිදන වෙලේ දහසක් කවි කල්පනා මගේ සිතෙහි එවිට පිළිසිදෙයි ඉබේ එනකෙහි ඔබ සිහිනෙක දැවටී නින්ද සමග යහනට ඇවිදින් අළුයම බොල්පිණි තැවරීමෙන් මුදු අඳුරේ සීතල සළුව යටින් හොරෙන් හොරෙන් ඔබ යනවිට ඒ අද සිදුවීමද නෑසී යයි ඉන් මත පළවා දෙනෙත් කවුළු ඇර ඔබ සොයනා මට ඔබ නොපෙනෙයි දහසක් කවි කල්පනා මගේ හදෙහි යළිත් පිළසිද තිබේ අඩ අඳුරේ මා
Singers
Data
Last updated May 2026