Home/Songs/සුදු අම්මියා

සුදු අම්මියා

Sudu Ammiya

Music: චමත් සංගීත් Lyrics: අනුෂ්ක උදාන
Font size:
එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මා බූරුවෙකි රත්තරන්
ඔබ රන් කඳක් ඉස්තරම්
දුන්නේම මට දුක් ගොඩක්
පෙරෙනවා හොටු පවා මට ඇඩෙනවා රත්තරන්

මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා

භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරැ
පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නො‌මැති නම් මැට්ටියේ මින්මතු
ලො‌රියකට යටවී කරගමි අනතුරු

මා මල දවසට....
එක හිතක් නැති බවත්....
මා මල දවසට....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.