Home/Songs/හීනයක්ද මන්දා ඔයා

හීනයක්ද මන්දා ඔයා

Heenayakda Manda Oya

Font size:
හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු 
ජීවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුනු

අතීතයට තාම ආ⁣දරෙයි
වර්තමාන කදුලු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

මතකද මන්දා  මාව
ඔබ කී හොද මදිනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්දයි අපේ කතාව

ආත්ම ගානක් පෙරුම් පුරන්
එකතු කලා ආදර සැලසුම්
ආත්මයෙන් ඔබ ඇදහුවේ මං
එහෙව් ඔයා ⁣බොරු කෙරුව තරම්

අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

මතකද මන්දා මාව
ඔබ කී හොද මදිනාව
ජීවිතයම ඔබ ගාව
මතු සම්බන්දයි අපේ කතාව

පිරිමි පපුව යට දුක හංගන්
හිනා උනත් වෙස් මූහුනු බැදන්
තාමත් ඔබටයි ආදරේ මං
එහෙව් ඔයා මගේ වෙනවානම්

අතීතයට තාම ආදරෙයි
වර්තමාන කදුලු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජීවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුනු

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.