දවසින් දවසට
Dawasin Dawasata
Music: රෝහණ වීරසිංහ Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩුවෙනවා දින දසුනේ මොහොතින් මොහොතට මා ගැන සටහන් වියැකී යනවා ඔබ මනසේ පුරපස අවපස වෙනසක් වූවද ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ මගෙ ඒ සිතුවිලි හා සබැඳේවි ද මුදු සිතුවිලි ඔබ හද මැදුරේ සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන මගෙ හිත චංචල වූයේ නෑ දින දසුනේ තව එක කොළයක් ඇත එක දවසකි ඉතිරිව ඇත්තේ සිතන්න බොළඳියෙ මගේ කුටියටත් ඔබෙ කුටියට මෙන් වසරින් වසරට නව දින දසුනක් එනවා
Singers
Data
Last updated May 2026