Font size:
මල් රේණුවක් බිම වැටෙනවද මුදු හඬ පවා මට ඇසේ ඔබ හෙමි හෙමින් අඩි තියා තියා මා ළඟට ඒ දැයි සිතේ අද සිහිනයකි එය හෙට සැබෑ වේ යැයි සිතේ... සඳ තාරකා පෙම් වදන් දොඩනා රැයේ මොන තරම් නම් මල් පිපෙනවාද මිහි තලේ ඒ එක මලක්වත් සොඳුරු නෑ මට ඔබ මලකි මා හදවතේ... මල් රේණුවක් බිම... ඇල දොළ පවා ගී ගයන මේ මැදියමේ කොයි තරම් මුදු සර නැගෙනවාද මේ ලොවේ ඒ එක හඬක්වත් මිහිරි නෑ මට ඔබ ගීතයකි මා ළයේ... මල් රේණුවක් බිම...