Home/Songs/පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්

පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්

Punchi Nube Mal Kakulu Sinahawen

Font size:
පුංචි නුඹේ මල් කැකුළු සිනහවෙන්
මා විකසිත වෙද්දී
නුඹේ සිනහ මුව ලස්සන රහසක්
මට කීවා දම්මී .... මට කීවා දම්මී ....

හද තුල සැඟවුණු ආදර හැඟුමන්
අවදිවෙලා එද්දී
නුඹ මගෙ තුරුලට ඔසවා ගන්නට
මට සිතුණා දම්මී .... මට සිතුණා දම්මී ....

කාත් තවුරුවත් නැති බව පැවසූ
දින මගෙ හිත සෙල්ලී
නුඹේ සිනහා මගෙ හිත යට කඳුලක්
ඉතිරි කලා දම්මී .... ඉතිරි කලා දම්මී ....

පුංචි නුඹේ ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.