Font size:
දෙවියනි ඔබත් මෙසේ නම් මං කාට නම් මේ දුක පවසම්දෝ ඇය මට දුන් මේ කඳුළැල් ඔබ ඇයි ද නාදුනන්නේ මිණි කිකිණි පිපුනු පාදේ වැහි බිංදු ගීත ගැයුවා සඳවලා අප්සරාවෝ අප වටා සෙමෙර සැලුවා නිල් නිම්න විල් නෙළුම් මල් ඇගේ දෑස පාට කෙරුවා ඒ පාට දෑස් අගින් ඈ මට මන්දහාස නැගුවා දෙවියනි ඔබත් .... දේවාති දේවතාවෝ පෙම් වරම් අපට පිදුවා දෙවියන්ට මතක නැතිමුත් මට තාම මතක ඇතුවා මුළු ලෝකයක් මැවූ ඈ හිරු සඳුත් තරුද නිව්වා අවසන් වසන්තයේදි දෙවියන් ද අහක බැලුවා දෙවියනි ඔබත් .....
Singers
Data
Last updated May 2026