Home/Songs/මේ ප්‍රේමා සීමා මාලකේ

මේ ප්‍රේමා සීමා මාලකේ

Me Prema Seema Malake

Font size:
මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී
නෙතුකැන් සලා ලතැවුල් නිවා
කඳුලින් සිනාසෙමු 
මේ ප්‍රේමා සීමා මාලකේ තනිවී

රෑ පාළුවේ තුන්යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ //
ඒ සීන ගී නිමවූ පැයේ 
හැඬුවේ මමයි රහසේ 

මේ ප්‍රේමා සීමා ....

මේ ජිවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ //
ඒ මාවතේ රැඳුනේ සදා
සුවඳයි අපේ දෙහදේ 

මේ ප්‍රේමා සීමා ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.