Font size:
හා හා ළඳේ// මගෙ මන මැදුරේ ළඳේ මගෙ රජ දහනේ ළඳේ මගෙ අග බිසවු තොමෝ...// රන් සීනු හඩින් නිල් දිගැසින් මා මන ලොල් වඩනා රන තිසරු ලැමින් පුළුලුකුලින් මා මන බඳින ලදේ හා හා ළඳේ...// රන් තෝඩු දමා මාල ගොතා ඔබෙ ගෙල සරසන්නම් රන් වියන යටින් පලස මතින් ඔබ කැඳවන් යන්නම් හා හා ළඳේ...//