Home/Songs/සෙනෙහස සුවඳයි

සෙනෙහස සුවඳයි

Senehasa Suwadai

Font size:
සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

පව් කළ හින්දද
පෙර සංසාරෙක
විරහ කඳුළු මැද
තනිවී දෙතැනක...//
උරුම උනා දුක
අහිමි උනා ඔබ
එහෙත් දයාබර
හිතක් තියේ මට...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

සඳ දුර තනිවම
වැළපෙයි අප ගැන
පන්හිඳ නිතරම
ලිවුවා ඔබ ගැන...//
කව් ගී ලිවුවට
එහි රස විඳිනට
ඔබ නෑ මා ළඟ
ගොස් දුර ඈතක...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි
සිහිනය මියයයි
ඔබ දුර ඈතයි
මතකය සමරයි
හදවත වැලපෙයි
කඳුළක් අතරින්
සුසුමක් රිදවයි...

සෙනෙහස සුවඳයි
පියුමක් වාගෙයි...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.