Home/Songs/මගෙ නාමලී

මගෙ නාමලී

Mage Namali

Mage Namali, Vol. 01 Music: ආර් මුත්තුසාමි Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
මගෙ නාමලී බැඳි ආදරේ 
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී ඔහේ පාවේවී 
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ 
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.....

රස පෙම් හැගුම් මා ළඟ තබා 
ඔබ කොයිද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියේ දැන් 
මෙගොඩ එන්නේ පාවෙලා 
මනමාලියේ.....

මගෙ නාමලී....

බට ලී හඬේ තාලේ මගේ 
ඉන් ආදරේ හඬ පිටවුණා
අනුරාවියේ හද නළවනා ඒ 
ගී හඬේ ඔබ සැඟවුණා 
මනමාලියේ.....

මගෙ නාමලී....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.