වීණා බිඟු වීණා
Veena Bingu Veena
Music: ග්‍රේෂන් ආනන්ද Lyrics: කේ.ඩී.කේ. ධර්මවර්ධන
Font size:
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ... වීණා බිගු වීණා පවසන්නේ ආදරේ... රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා දෑත ළතවන්නෙ ඒ දෑත තනි වූ නිසා සිහින මායාවෙ පැටලීල නින්දේ පවා දෑස විමසන්නෙ හුරු දෑස දෝ... වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ... සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා වාසනාවන්ත තුරු වැල් එතී ළංවෙලා ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා දෑස නළවන්න හිත් වූවදෝ...