Font size:
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහන කොට අම්මේ මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ සෙන්පතිකමටයි නැව්පතිකමටයි නම ගිය සිංහල ආරේ ගති නෑරේ පුත ඒකයි ඔබ හට ඒ ගැන එතරම් ආසා මහා පඬිදුන් ගැන මහා කිවිඳුන් ගැන කතා අහන කොට අම්මේ මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ මහා පඬිරුවණට මහා කිවිවරුණට තෝතැනි වූ ලක් දූවේ හෙළ පුතෙකුව ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් අසා හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන කතා අහන කොට අම්මේ මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ ඈත එපිට සිට ගොවි රජ දහනකි සෝභන සිරිබර ලංකා ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආසා එඩිතරකම් ගැන බිය නැතිකම් ගැන කතා අහන කොට අම්මේ මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ එඩිතරකමටයි බිය නැතිකමටයි පෙර සිට සුපතල හෙළයේ ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ
Singers
Data
Last updated May 2026