Home/Songs/දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත

Denna Priye Dathata Oya Datha

Font size:
දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත//
අන්න සඳක් නැගී නැගී පායා 
මෙන්න සුදෝ ගන්නකෝ මගේ දෑත//
සුනිල් විලේ දිලේ දිලේ චායා 

ඔරුවේ නැගී පැදලා පාවෙමු නැලවීලා//
සුමුදු කුසුම් නෙලලා දෙන්නෙමි සුපෙම් පාලා 
ආදරයේ සිහින සැබෑ වීලා//
මගේ හිතේ මලක් පිපී ආවා 

දෙන්න ප්‍රියේ...

ජීවිතයේ ආලෝකේ ඔබයි සදා කාලේ//
ආයේ වෙනස් වෙන්නේ නෑ උදාර පරම ආලේ 
රත්තරනේ දනිමි මමත් ඒක//
කුරුල්ලෙකුත් ගහේ ඉඳන් කීවා 

දෙන්න ප්‍රියේ...

ගැන්නත් තරු අඹරේ බැහැ මනින්න මගේ ප්‍රේමේ//
රංජනියේ ඔබ වේ දෙවි දුවණි සැනසීමේ
ඇත්තට ඔය සත්තකමද ඒක 
දෙන්න සුදෝ ගන්නකො මගේ දෑත 
සුනිල් විලේ දිලේ දිලේ චායා 

දෙන්න ප්‍රියේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.