Home/Songs/දෑස වසා සිටියා ඔ‍බේ රුව

දෑස වසා සිටියා ඔ‍බේ රුව

Daasa Wasa Sitiya Obe Ruwa

Font size:
දෑස වසා සිටියා ඔ‍බේ රුව 
ඇයිදෝ මට ‍පෙනුනේ
සවන වසා සිටියා ඔ‍බේ හඩ
ඇයි‍දෝ මට ඇසු‍නේ //

දිවියට සැනසුම ‍සෙ‍නෙහස ‍ගෙනදුන
ඔබ ‍වෙනු‍වෙන් මා ගෑ ගැයුවේ
යුගයෙන් යුගයට භව‍යෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ

දෑස වසා සිටියා ....

බැඳි සෙ‍නෙහස අමතකවීලා
නිබදව ඔබ මට පිටුපෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහා‍නොවූ‍යේ

දෑස වසා සිටියා ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.