වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
Walakul Wiyan Thanala Sande Res Niva Dama
Font size:
වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා // අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා // පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඹන්න ආසයි ඔබ හා මා // දසන්තේ පියා සලාලා සදේ රැස් හෙමින් උනා සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා // රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උණුසුමක් පතා // පැතූ පෙම් පැතුම් ..... //
Data
Last updated May 2026