Font size:
වසන් වන සඳ වලාකුළකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ... හිතින් යන - අය අතින් අල්ලා නවත්තන්නට බෑ... හිතින් යන අය - අතින් අල්ලා නවත්තන්නට බෑ... මවා දී තරු රටා අහසේ.. සිනා සී වුන් තරු කිනිත්තෙන්.. මලානික වූ පුංචි තරුවක්.. පොලෝ තලයට කඩා වැටුනා.. සරා සඳකට දරාගන්නට බෑ.. හිතින් යන - අය අතින් අල්ලා නවත්තන්නට බෑ... හිතින් යන අය - අතින් අල්ලා නවත්තන්නට බෑ... නිවී යන තරුවක කතාවේ.. බිඳී ගිය මතකයේ සැමරුම්.. හිතේ ගැඹුරුම තැන තියාගෙන.. ආදරේ ඉකි බිඳුම් ඇසුනා.. මලානික ඇස් හිනාවෙන්නේ නෑ... හිතින් යන - අය අතින් අල්ලා නවත්තන්නට බෑ... හිතින් යන අය - අතින් අල්ලා නවත්තන්නට බෑ... වසන් වන සඳ...
Singers
Data
Last updated May 2026