කාලයක් අරන්
Kalayak Aran
Music: සමන්ත ගීකියනගේ Lyrics: සමන්ත ගීකියනගේ
Font size:
කාලයක් අරන් වචනය දෙනවා නම් තව කල්පයක් වුණත් ඔබ වෙනුවෙන් ඉන්නම් මුළු ලෝකයක් තරම් ආදරේ දැනෙනවා නම් ඔබ ළඟින් හිඳන් ගීයක් මුමුණන්නම් ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔබ තවම දන්නේ නෑ ජීවිතේ මේ තරම් ආදරෙයි කිසිදිනක දැනිලා නෑ...... නිතරම ඔබ ගැන සිත විමසන විට ආදර සිතුවිලි උපදී මා හද නෝක්කාඩු ලෙස මා බැලුවම දහස් වාරයක් සුසුම් නැගෙයි හද මල්සරා සැඟවිලාදෝ පෙම් හැඟුම් කෝ ළඳේ ඔබ නමින් ගයමි මා මාලියෝ ආදරේ........ කඳු යායාක් ළඟ පැලක් හදාගෙන කටට රහට පොඩි බතක් උයාගෙන ඔබ හා දුක සැප එකට බෙදාගෙන ඉන්නට පැතුවෙමි දිවිය පුරාවට මා සිතුම් වැටහේ නම් සිත රිදුම් දෙන්නේ නෑ මේ පැතුම් ඉටු වේ නම් තනිකමක් දැනෙන් නෑ....... කාලයක් අරන්.......