Home/Songs/සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ

සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ

Sara Sande Ridi Vile Diye Themenne

Font size:
සරා සඳේ රිදී විලේ දියේ තෙමෙන්නේ
වළාකුලට පාට දෙන්න ඕළු නෙලන්නේ
අනේ සඳේ සේද වලා දියේ තෙමෙන්නේ
මගේ හිතේ ආදරේට කතා කරන්නේ
හා.. හා.. හා.. හා.. හෝ.. හෝ.. ම්.. ම්..

කලාතුරින් ඔබේ සිනා අදයි දකින්නේ
සෙනේහයෙන් ඔබයි මගේ හිතේ දිලෙන්නේ
සදාදරෙන් සඳේ මටත් ප්‍රේම කරන්නේ
සඳේ ඔබේ කසා වතින් මා සිපගන්නේ
(රිදී ජලාසේ තෙමී මනාසේ...//)

සරා සඳේ රිදී විලේ....

ඔබේ දිහා ලොවේ සැමා හොරෙන් බලන්නේ
අලංකාර ගීත ඇසෙයි සවන් මසන්නේ
අනේ සඳේ මටයි අයිති රෑ තුන්යාමේ 
හෙටත් මගේ ලඟින් ඉන්න සඳේ ප්‍රියාවේ
(සඳේ ප්‍රියාවේ මගේ ප්‍රියාවේ...//)

සරා සඳේ රිදී විලේ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.