Home/Songs/කුරුළු ගමේ කුරුළු ගෙදර

කුරුළු ගමේ කුරුළු ගෙදර

Kurulu Game Kurulu Gedara

Music: පී. එල්. ඒ. සෝමපාල Lyrics: චිත්‍රා සෝමපාල
Font size:
කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී...//

මනාලයා ආවම හැඩටම පිළිගන්නේ
මනාලියගෙ මෑණියෝ පෙරමගටයි යන්නේ
කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා
ආ හැම‍ දෙන පිළිගන්නව හොටට හොට තියා...

කුරුළු ගමේ...//

මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ...

කුරුළු ගමේ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.