බුදු නෙතින් දකින්නට
Budu Nethin Dakinnata
Music: කරුණාරත්න විජේවර්ධන Lyrics: මහින්ද නාමල්
Font size:
බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි සංඝායනාවකට කාලයයි කාලයයි දහම හද නිවාලන කාලයයි ලෝකයක් තනන්නට කාලයයි කෙත් යසස් රැස් වළලු තමන්ටම ගොඩනගන මෝහ මග අතැරලා නිවන් මග දකින්නට චාරිකා කරන්නට කාලයයි දුක් සුසුම් සිත් වෙරල නිරන්තර රල නගන භව දුකින් මිදෙන්නද අප්‍රමාද වූ හදින් ධර්මයේ හැසිරෙන්න කාලයයි බුදු නෙතින් දකින්නට මෙත් සිතින් සිතන්නට ලෝ දනන් පුබුදු වන සංඝායනාවකට කාලයයි සංඝායනාවකට කාලයයි කාලයයි දහම හද නිවාලන කාලයයි ලෝකයක් තනන්නට කාලයයි