Home/Songs/මොරටුව මොරටුව

මොරටුව මොරටුව

Moratuwa Moratuwa

Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැක ගත් දස්කම 
මව් බිම අගයන එකයි මොරටු කම

ලී බඩු ගැන නම ලක් බිම රන්දා 
මසුන් මරන ඔරු සයුරට කැන්දා
ආදර හොඳ හිත සැම වෙත රන්දා 
මොරටුව වැජඹෙයි අද ජය කොඩි බන්දා

කොතැන වුනත් අපි එකමුතු වන්නේ 
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ
පූරුවෙ පිනටයි අපි මොරටුවෙ උපන්නේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.