Font size:
ඔබේ ජීවිතේ ඇයි පාලුවෙන් සැම දා ගෙවී යන්නේ නැතිදෝ සිතේ ඔබේ ඉන් මිදී සෙනෙහෙ සොයා යන්නේ ගිය දේ ගියා කියා සිතේ අතීතයේ කතා කව්දෝ එදා ඔබ රිදවා සිතුම් ගියේ හද වේදනා ඔබේ පැතුම් බිඳී ගියේ එනිසා නොවන් ළඳේ ඔහු පෑරුව හදේ වරදක් නොවූ නිසා ඔබෙන් සුවයක් සිතේ තියේ ඔබේ ජීවිතේ... යහනේ දෙනෙත් පියා සිටින සිතුම් අයා සොයනා සෙනේ ඔබේ ජිවිතේ කවදා ලැබෙයි කියා සමා වූ සිතුම් ඔබේ සිතන සිතුම් ලොවේ හමු වේ යොවුන් ප්‍රියේ ඔබේ එය දෛවයයි ලොවේ ඔබේ ජීවිතේ...