Font size:
කලාවැවට වැහි වැහැලා ඉපණැලි බිම තෙමෙන්න සරා සඳට දුක හිතිලා සඳ දියකැන් හෙලන්න මනා රුවට පීනා එන මින් රළ ඔබ බලන්න එන්න යන්න වැව් පිටියට රෑ මැදියම පිපෙන්න සිහිල් සුළං පිණිකැට මත නුඹේ නළල සිඹින්න රැළි නැංවෙන නද අතරින් සඳ දිය බුං දකින්න පෙති අහුලමු රළපනව මත දුක් ලියනා මලකින් අද පමණක් ඇවිත් යන්න හෙට නෑවිත් මග හරින්න රටා ගෙනත් උඩු වියනේ තරුකැට තනි වී ලතැවෙන නිශාමයක නිහඬය ලොව අවදිය සරසවි යටිහිත කලාවැවේ දිය යහනේ නිදියන මල් ඇහැරවන්න අද පමණක් ඇවිත් යන්න හෙට නෑවිත් මග හරින්න කලාවැවට වැහි වැහැලා ....
Singers
Data
Last updated May 2026